
1948 වර්ෂයේ දී මරදන්කල්ල ශ්‍රී බෝධී විද්‍යාලය ආරම්භ විය.පාසල පිහිටා ඇති භූමියට ආසන්නව ඇති විශාල බෝධි වෘක්ෂය හේතුවෙන් පාසල ශ්‍රී බෝධී යන නාමයෙන් නම් කර අත්තේ පාසලේ නිර්මාතෘ ටී.එම්.කේ.බී.චන්ද්‍රසේකර මැතිතුමා විසින්ය.
ආරම්භක විදුහල්පති වූයේ පී.බී.උක්කුබංඩා මහතාය.එක් ගුරුවරයෙකුගෙන් ගුරු මණ්ඩලය සමන්විත වූ අතර ශිෂ්‍ය සංඛ්‍යාව 04 ක් විය. දැනට 6-7 ශ්‍රේණි ගොඩනැගිල්ල පිහිටා ඇති ස්ථානයට ආසන්නව පිහිටි පොල් අතු සෙවිලි කල කුඩා ගොඩනැගිල්ලක පන්ති පැවැත්වු අතර ඉන් එක් ගොඩනැගිල්ලක වු කුඩා කාමරයක මුල් ගුරුතුමගේ කාර්යාලය විය.ආරම්භයේදි ප්‍රාථමික පන්ති පමණක් ඉගැන්වීම් සිදු කර ඇත.
1948 මාර්තු 01 පාසල රජයට පවරා ගැනීමත් සමග භෞතික අතින් පාසල තව තවත් සංවර්ධනය වී ඇත.පසුකාලීනව නව ගොඩනැගිලි දෙකක්, ගුරු නිවාසයක් සහ කාර්යාල ගොඩනැගිල්ලක්ද පාසලට එකතු විය. 1958 වර්ෂයේ දී පමණ 6 ශ්‍රේණියෙන් ඉහළ පන්ති ආරම්භ වී ඇත. එම කාල කාලසීමාවේදී සිංහල, බුද්ධ ධර්මය, අංක ගණිතය, ඉතිහාසය යන විශයන් ඉගැන්වීම් කටයුතු සිදු කිරීම ආරම්භ කර ඇත.
පසුකාලීනව එතෙක් පැවති තාවකාලික ගොඩණැගිලි ඉවත් වී අද පවතින බොහොමයක් ගොඩණැගිලි ඉදිවිය.මෙම පාසල දේශීය අධ්‍යාපන ක්‍රමයට අනුකූලව සියලුම විෂය ධාරාවන් ආවරණය වන පරිදි 1 ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වා පන්ති පවත්වයි. මෙම පාසල රටට වැඩදායී පුද්ගලයින් ගණනාවක් බිහි කර ඇති අතර අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා කලාපය තුල කීර්තියක් ලබා ඇත.වර්ෂ 1993 න් පසු විද්‍යාලයේ භෞතික සංවර්ධනය සදහා සුවිශේෂි දායකත්වයක් ලැබුණු යුගය වන අතර, ක්‍රීඩා පිටියක්, විද්‍යාගාරයක්, පුස්ථකාලයක් ද පාසලට එකතු විය.
විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර විද්‍යා ගණිත අංශය, ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර පරිගණක ඒකකය, පුස්තකාලය, ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.
විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.
මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 22ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 1කින් සමන්විතය. 245 ක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "ගුණ නැණ බෙලෙන් යුතු ඵලදායී පුරවැසියෙකු දැයට දායාද කිරීම" යන දැක්ම අනුව යමින් විසි එක්වන සියවසේ අභියෝගයන්ට මුහුණ දිය හැකි මනා පෞර්ෂයකින් යුත් යහපත්, ඵලදායී දරු පිරිසක් බිහිකිරීමට අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේ ද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි.
|
ආරම්භ කළ වර්ෂය |
1948 01 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
04 |
|
මුල් ගුරුතුමාගේ නම |
ටී.එම්.කේ.බී.චන්ද්‍රසේකර මැතිතුමා |
|
පාසලේ ආදි කතෘගේ නම |
පී.බී.උක්කුබංඩා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
මරදන්කල්ල ශ් විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ජී.වී. හල්පොල මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1948 මාර්තු 02 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
මිහින්තලේ මරදන්කල්ල ග්‍රාමයේ බෝ ගස අසළ |





